Tuesday 23 October 2018

හමුවීම

දිනය හරියටම මතක නැත. මම මුලින්ම මම ගැන කියන්නම්. මගෙ වයස 27. අද වෙනකොට බැදලා අවුරුදු එක හමාරයි. පවුල් ජීවිතේ කිසිම අඩු පාඩුවක් නැ. මම රැකියාව කරන්නෙ කොළබ, රැකියාවට අවිල්ලා දැනට අවුරුදු තුනක් වගෙ. එදා දවස අද වගේම මතකයි වෙනදා වගේම මම ඔෆිස් එනකොට උදේ 8 වගේ ඇති. ලස්සනම ලස්සන ගැහැණු ලමෙක්, අලුත් ලමෙක් අවිල්ලා. මේක කියවන උබලට කවද හරි අවිල්ල තියෙනවද ඒ වගේ ෆීලින් එකක්. කෙල්ලෙක් දැක්කම ජීවිතේ මීට කලින් දැකල තියෙන ෆීලින්ග් එකක්. හරියටම නිකන් මුලු ඇගම කිලිපොලා යන සීන් එකක්.ඇත්තටම කියනවනම් ආදරෙ හිතෙන ෆීලින්ග් එකක්.

අනිත් හැමොම එයා එක්ක කතා කරා, ඒත් මට කියන්න දෙයක් කටට එන්නෙ නැ මම කට කොනෙන් හිනා වෙලා මග ඇරියා. ටිකක් හොයල බලනකොට එයත් බැන්දපු කෙනෙක් අවුරුදු  පහක  විතර බබෙක් ඉන්නවලු.  කාලය ඔහොම ටිකෙන් ටික ගත වෙනවා. මාස හතක් විතර. මම එයාට කතා කරන්න ඇත්තේ වචන සියයක් වගෙ මෙ වෙනකන් එකත් ඔෆිස් එකේ වැඩවලට. මම එයාට කතා කරන්න මාර බයයි, අනෙ මන්දා ඒකට රීසන් එකක් මටත් හොයාගන්න බෑ අදටත්. එයාට මම මාර විදියට රෙස්පෙක්ට් කරනවා කතා කරද්දි උනත්.

මම මැරීඩ් මටම බයයි මම එයා ගැන හිතන දෙවල් වලට. මට හිතෙනව එයා ඉන්නේ සතුටින් නෙමෙ කියල මූන දැක්ක ගමන්. ඒත් එයා මට තාම මූන බලල කතා කරන්නෙ නැ. ඒකට හේතුවක් මට හිතාගන්න බැ මම මෙ කියන දෙවල් මේක කියවන උබලට වෙලා තියෙනවද කියල. මේ හැගිම් තෙරුම්ගන්න. මම අදටත් හොයනව.

සමහර වෙලාවට මට හිතෙනවා මම බැන්දා කලින් වැඩී කියල. මොකද මෙහෙම වෙන කෙල්ලෙක් ගැන හගීම් ඇතිවෙන්න. දැන් පුලුවන් නම් කියපල්ලා මේක වල් කමක් කියල. මේක එහෙම මගුලක් නෙමේ. මට එයාව දකිනකොට දැනෙන්නේ පපුව ඇතුලට අත දාල ඇදල ගන්න හදන හැගීමක්. මේ සීරිස් එක දිගටම කියවනකොට උබලට හිතාගන්න පුලුවන් වෙයි.